අමෙරිකානු ජනපති බිම ඇද වැටේ -ලෝක බලවතාට සිදුවූ දේ කැමරාවේ සටහන් වූ හැටි මෙන්න (VIDEO)

අමෙරිකානු ජනපති බිම ඇද වැටේ -ලෝක බලවතාට සිදුවූ දේ කැමරාවේ සටහන් වූ හැටි මෙන්න (VIDEO)

කොලරාඩෝ හි පැවති එක්සත් ජනපද ගුවන් හමුදා ඇකඩමියේ උපාධි ප්‍රදානෝත්සවයට පැමිණි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇද වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

ඩිප්ලෝමා ප්‍රදානය කරමින් සිට වාඩිවීම සඳහා යන අවස්ථාවේදී ජනාධිපතිවරයා පය පැකිලී ඇද වැටෙන අයුරුයි එහි දැක්වෙන්නේ

80 හැවිරිදි වියේ පසුවන ජනාධිපතිවරයාට අනතුරක් එහිදී සිදු නොවුණු අතර කිහිපදෙනෙකුම ඔහුට නැඟී සිටීමට උපකාර කරන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා

උපාධිධාරී ශිෂ්‍යභටයින් 921දෙනාටම සුබ පැතීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් පැය එකහමාරක් පමණ එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කෙසේවෙතත් උත්සවය අවසන් වන විටත් ඔහු කිසිවෙකුගේ සහය නොලබා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා

Share This