ඊජිප්තුවේ සූවස් ඇළ හරහා වැලි කුණාටුවක් හමා යයි -වරායන් දෙකක් වසා දමයි (VIDEO)

ඊජිප්තුවේ සූවස් ඇළ හරහා වැලි කුණාටුවක් හමා යයි -වරායන් දෙකක් වසා දමයි (VIDEO)

ඊජිප්තුවේ සූවස් ඇළ හරහා දැවැන්ත වැලි කුණාටුවක් හමා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

සූවස් ඇළ යනු ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගය වන අතර වැලි කුණාටුව හමා යන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

සූවස් ඇළ අවට හමා ගිය වැලි කුණාටුව නිසා බලධාරීන් වරායන් දෙකක් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ඊජිප්තුවේ සමහර ප්‍රදේශ දූවිලි හා වැලිවලින් වැසී ගොස් ඇති බවද පැවසෙනවා

ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ නගරය හරහා හමා ගිය වැලි කුණාටුවෙන් දැන්වීම් පුවරුවක් කඩා වැටී එක් අයෙක් මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This