කැනඩාවේ ලැව්ගිනි දුමාරය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවට අනතුරු ඇඟවීම්

කැනඩාවේ ලැව්ගිනි දුමාරය ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර බවට අනතුරු ඇඟවීම්

කැනඩාවේ පවතින ලැව්ගිනි හේතුවෙන් උතුරු අමෙරිකාව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට ඉහළ අවදානම් වායු තත්ත්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

ලැව්ගිනි දුමාරය ටොරොන්ටෝ සහ ඒ අවට ප්‍රදේශ ඇතුළු ඔන්ටාරියෝ සහ ක්විබෙක්හි ප්‍රධාන නගරවලටද බලපා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

දුමාරය නිව්යෝක් නගරය දක්වාද ළඟා වී ඇති අතර එය සෞඛ්‍යයට අහිතකර ලෙසයි බලධාරීන් පෙන්වා දී ඇත්තේ

කැනඩාවේ අගනුවර වාතයේ ගුණාත්මකභාවය මිනිසුන්ගේ සෞඛ්‍යයට ඉතා ඉහළ අවදානමක් ලෙස සලකමින් එරට පරිසර අංශ විසින් ඔටාවා ප්‍රාන්තය සඳහා අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා

මේ අතර, එක්සත් ජනපද පාරිසරික ආරක්ෂණ ඒජන්සිය (EPA) විසින් ඊසානදිග එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය දැනටමත් ශ්වසන ආබාධ ඇති පුද්ගලයින් සඳහා සෞඛ්‍යයට අහිතකර ලෙස වර්ගීකරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Share This