ටියුනීසියාවේ නැවතත් පැතිර යන කළු සුදු භේදය (විශේෂාංග)

ටියුනීසියාවේ නැවතත් පැතිර යන කළු සුදු භේදය (විශේෂාංග)

ටියුනිසියානු ජනාධිපතිවරයා විසින් කළු අප්‍රිකානු සංක්‍රමණිකයන් විවේචනය කිරීමෙන් පසු වර්ණ භේදය නැවතත් රට තුළ පැතිර යන බව ටියුනිසියානු කාන්තාවන් පවසනවා.

ටියුනීසියාවේ මිනිසුන් තමන් ටියුනීසියානු ජාතිකයෙක්ද යන්න ගැන නිතරම ප්‍රශ්න කරන බව කළු ටියුනීසියානු පුරවැසියෙකු සහ සමාජ ක්‍රියාකාරික Khawla Ksiksi පවසනවා.

පෙබරවාරි මාසයේ දී, ජනාධිපති Kais Saied විසින් රටේ ප්‍රජාවේ සහ සංස්කෘතික අනන්‍යතාවය වෙනස් කිරීමේ සාපරාධී කුමන්ත්‍රණයක නිරත වන බවට චෝදනා කරමින් කළු අප්‍රිකානු සංක්‍රමණිකයන්ව විවේචනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු තවදුරටත් කියා සිටියේ සංක්‍රමණය වූවන් “ටියුනීසියාව තවත් අප්‍රිකානු රටක් බවට පත් කිරීමේ ආශාවෙන් පැමිණ ඇති බවයි.

Human Rights Watch ආයතනයට පවසන්නේ එතැන් සිට කළු අප්‍රිකානු සංක්‍රමණිකයන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් ඇති අතර, නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ටියුනීසියානු ජනගහනයෙන් 10-15% අතර ප්‍රමාණයක් සිටින කළු ටියුනීසියානුවන් මෙම ප්‍රකාශය නිසා අපහසුතාවන්ට ලක්වී ඇති බවයි.

අරාබි භාෂාව ටියුනීසියාවේ නිල භාෂාව වුවත් , සංක්‍රමණිකයන් අරාබි භාෂාවෙන් කතා කරන විට බොහෝ විට ටියුනිසියනුවන් අතර ප්‍රතික්ෂේපයට ලක්වන බව ඔවුන් පවසනවා.

Voices of Black Tunisian Women සාමූහිකයේ සම-නිර්මාතෘවරියක් වන Ksiksi පවසන්නේ කළු ටියුනීසියානුවන් නොපවතියි යන වැරදි මතයට අභියෝග කිරීමට අවශ්‍ය වන බවයි.

1956 දී ටියුනීසියාව ප්‍රංශයෙන් නිදහස ලැබුවද, ටියුනීසියානුවන් යුරෝපයට අයත් අය ලෙස සැලකීමට අවශ්‍ය බවත්, කළු ටියුනීසියානුවන් අපිරිසිදු බවට පැවති යටත් විජිත දෘෂ්ටිකෝණය තවමත් රටතුළ පවතින බවයි Ksiksi වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ටියුනීසියාවට නිදහස ලැබුණත් තවමත් පවතින යටත් විජිත දේශපාලනය නිසා විශාල වශයෙන් පුද්ගල අනන්‍යතා අර්බුදයක් හටගෙන ඇති තිබෙනවා.

සමාජ සහ දේශපාලන බලය ඇති ස්ථානවල කළු නියෝජනය නොමැතිකම, කළු ටියුනීසියානු පුරවැසියන් පහත දැමීමේ අදහස ශක්තිමත් කරන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

46 හැවිරිදි ශාස්ත්‍රීය පර්යේෂකයෙකු සහ කථිකාචාර්යවරයෙකු වන Mzioudet පවසන්නේ “ටියුනීසියාවේ ජාතිවාදය නොව ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීම වඩාත් ප්‍රචණ්ඩකාරී වන බවයි.

කළු ජාතිකයන් විසින් ඔවුන් ටියුනීසියානු ජාතිකයන් බව පෙන්වීමට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත ඔවුන්ගේ ඇඳුම්වල දෘශ්‍යමාන ලෙස පැළඳ සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කළු අප්‍රිකානුවන් විකිණීම සම්බන්ධ වහල් වෙළඳාම 1846 දී ටියුනීසියාවේ අහෝසි කරන ලද නමුත් තවමත් කළු ජාතිකයන්ට වහලුන් ලෙස සැලකීම දිගටම පවතිනවා.

2018 දී, ටියුනීසියාව වර්ගවාදය අවම කිරීම සඳහා සුවිශේෂී නීතියක් සම්මත කර තිබෙනවා. විශේෂයෙන් වාර්ගික පදනමින් වෙනස් කොට සැලකීම සාපරාධී වරදක් බවට පත් කළ අරාබි කලාපයේ පළමු රට බවට ටියුනීසියාව පත්වුණා.

Ksiksi සහ Mzioudet යන දෙදෙනාම පවසන්නේ මෙම නීති තිබියදීත්, කළු ටියුනීසියානුවන් මුහුණ දෙන වෙනස්කම් කිරීම් සහ අසමානතාවය වර්ධනය වීමට දැන් සිටින රජය ඉඩ දී ඇති බවයි.

පෙබරවාරි මාසයේදී, කළු අප්‍රිකානු සංක්‍රමණිකයන්ට සහ කළු ටියුනීසියානුවන්ට සහය දැක්වීම සඳහා සිය ගණනක් ජනයා ටියුනීසියාවේ වීදිවලට ​​බැස ගිය අතර, එය තරුණ පරම්පරාවට වෙනසක් දැකීමට අවශ්‍ය බවට ධනාත්මක සලකුණක් බව Mzioudet මහත්මිය පවසනවා.

වර්ණ භේදය පතුරවමින් කළු ජාතිකයන්ට වෙනස් කොට සැලකීම කළු සුදු ප්‍රශ්නයක් නොවන බවත් එය මානව හිමිකම් කඩවීම පිලිබඳ ගැටළුවක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This