වේල්ල කැඩී ගිය පසු යුක්‍රේනයේ ඇතිවූ බිම් බෝම්බ බිය(VIDEO)

වේල්ල කැඩී ගිය පසු යුක්‍රේනයේ ඇතිවූ බිම් බෝම්බ බිය(VIDEO)

දකුණු යුක්‍රේනයේ ප්‍රධාන වේල්ල කැඩී යාම නිසා ඒ ආසන්නයේ ස්ථානගත කර ඇති බිම් බෝම්බ ඉවත් කිරීමට බලපෑමක් ඇතිවනු ඇති බව රතු කුරුස සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

Kherson ප්‍රදේශයේ සමහර ප්‍රදේශවලින් මිනිසුන් දහස් ගණනක් දැනටමත් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Kakhovka වේල්ල කැඩී යාම සම්බන්ධයෙන් යුක්‍රේනය සහ රුසියාව එකිනෙකාට තවමත් චෝදනා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

මේ අතර මරණ තුනක් වාර්තා වී තිබෙන බවද සඳහන් වනවා

රතු කුරුස සංවිධානයේ සේවය කරන ප්‍රධානියෙකු වන Erik Tollefsen අනතුරු ඇඟවූයේ බිම් බෝම්බ ඉවත් කිරීම Kherson වැසියන්ට පමණක් නොව උදව් කිරීමට පැමිණෙන අයටද විශාල බලපෑමක් ඇති කරන බවයි.

යුක්‍රේනය විසින් පාලනය කරනු ලබන Kherson කලාපයේ නගර 30ක් සහ ගම්මානවල නිවාස 2,000කට ආසන්න ප්‍රමාණයක්ද ජලයෙන් යටවී ඇති බව නිලධාරීහු පවසනවා

ජනාධිපති Volodymyr Zelensky විසින් Kherson කලාපය පුරා සිටින ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජලය නොමැති බව සඳහන් කරනවා

Share This