අධිකරණ නියෝගය නොතකා පැවති උද්ඝෝෂණය

අධිකරණ නියෝගය නොතකා පැවති උද්ඝෝෂණය

පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු පළාත් පාලන මැතිවරණය කල් තැබීමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය විසින් ඇරඹි උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න අද (08) මැතිවරණ කොමිසම ඉදිරිපිටදී පැවැත්වී තිබෙනවා.

“ජනමතයට ඉඩ දෙනු පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු” යන තේමාව ඔස්සේ පැවැති එම උද්ඝෝෂණය නැවැත්වීම සඳහා පොලිසිය විසින් අධිකරණ නියෝගයක්ද ගෙන තිබුණා.

එහි වග උත්තරකරුවන් ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනෙකු නම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කර සිටින්නේ.

නමුත් අධිකරණ නියෝගයද නොතකමින් අදාළ පිරිස මැතිවරණ කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතව තිබූ අතර එයට අනුර කුමාර දිසානායක මහතා සහභාගී නොවූ බවයි වාර්තාවන්නේ.

Share This