යුක්‍රේනයේ ගංවතුර සහිත ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

යුක්‍රේනයේ ගංවතුර සහිත ප්‍රදේශවලට රුසියාවෙන් නොකඩවා ෂෙල් ප්‍රහාර

රුසියානු හමුදා පාලනය යටතේ පවතින ප්‍රධාන වේල්ල කඩා වැටීමෙන් පසු ජනතාව දහස් ගණනක් ඉවත් කරමින් පවතින Kherson කලාපයේ ගංවතුර සහිත ප්‍රදේශවලට ෂෙල් ප්‍රහාර දිගටම එල්ල වන බව යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky පවසා තිබෙනවා

මේ අතර ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් යුක්‍රේනයට සහය දැක්වීම සඳහා මිත්‍ර පාක්ෂිකයින්ගේ කැපවීම යළි තහවුරු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ගංවතුරේ පරිමාණය හේතුවෙන් යුක්‍රේන පාලනය යටතේ පවතින Kherson ප්‍රදේශයේ ඉවත් කිරීම් සිදු කරන ගලවාගැනීමේ කණ්ඩායම් සම්පත් අභියෝගවලට ද මුහුණ දී සිටින බව හදිසි සේවා නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා තිබෙනවා.

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව වේල්ල කඩා වැටීමෙන් පසු ගංවතුර ප්‍රදේශවලින් ළමුන් 120ක් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 2,339 ක් ඉවත් කර ඇති බව සඳහන් .

යුක්‍රේන ජනාධිපතිවරයා පවසන්නේ රජය සහ පළාත් පාලන ආයතන තමන්ට හැකි තරම් මිනිසුන් බේරා ගැනීම සඳහා නොනවත්වා කටයුතු කරන බවයි.

 

Share This