ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා හතක් යටතේ අධිචෝදනා ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහු නිලයෙන් ඉවත් වූ පසු ධවල මන්දිරයෙන් රැගෙන ගිය රහසිගත ලියකියවිලි සම්බන්ධව මෙම අධිචෝදනා එල්ල වී තිබෙනවා

හිටපු ජනාධිපතිවරයෙකු ෆෙඩරල් චෝදනාවලට මුහුණ දුන් පළමු අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපතිවරයා මියාමි ෆෙඩරල් උසාවියේදී තමාට පෙනී සිටින ලෙස සිතාසි ලැබී ඇති බවයි සඳහන් කර තිබෙන්නේ

කිසිදු හිටපු ජනාධිපතිවරයෙකුට හෝ ප්‍රධාන දේශපාලන පක්ෂයක ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුට ෆෙඩරල් අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This