ලෝක ආහාර වැඩසටහන කණස්සල්ලෙන්

ලෝක ආහාර වැඩසටහන කණස්සල්ලෙන්

පාකිස්ථානයේ බොහෝ ප්‍රදේශවල වෙසෙන වයස මාස 6 ත් 23 අතර ළමුන්ගෙන් තුනෙන් එකක් පමණ මන්දපෝෂණයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

එම වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් සියයට 14ක් දරුණු උග්‍ර මන්දපෝෂණයෙන් පීඩාවට පත්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මෙම තත්ත්වය බොහෝදුරට වාර්තා වන්නේ සින්ද්, බලෝකිස්තානය සහ කයිබර් පක්තුන්ක්වා යන ප්‍රාන්තවලින්.

පාකිස්ථානය තුළ වර්ධනය වෙමින් පවතින මෙම පෝෂණ අර්බුදය සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින බව සඳහන්.

ළමුන් මෙන්ම පාකිස්ථානයේ කාන්තාවන්ද පෝෂණ ඌනතා හමුවේ පීඩාවට පත්ව සිටින බව වාර්තාවල දැක්වෙනවා.

ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පාකිස්ථානය තුළ ඉහළ යමින් ඇති උද්ධමනය සුළු හා මධ්‍ය ආදායම් ලබන පවුල්වලට ආහාර වේල සොයා ගැනීම පවා අපහසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

 

Share This