මාලි හි සාම සාධක හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්

මාලි හි සාම සාධක හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක්

මාලි හි උතුරු Timbuktu ප්‍රදේශයේ මුර සංචාරයේ නිරතව සිටි සාම සාධක හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ප්‍රහාරයෙන් හමුදා සාමාජිකයෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය, මහලේකම් Antonio Guterres සහ මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ප්‍රධානී El-Ghassim Wane මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් Antonio Guterres, මාලි හි බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ප්‍රහාරයට සම්බන්ධ පාර්ශ්ව හඳුනාගෙන ඔවුන් කඩිනමින් නීතිය හමුවට පමුණුවන ලෙසයි.

එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධ විය හැකි බව මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ ප්‍රධානී El-Ghassim Wane ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම සාම සාධක භටයින්ට පහර දීම යුද අපරාධයක් පමණක් නොව එවැනි ප්‍රහාරයක් සැලසුම් කිරීම, මෙහෙයවීම, අනුග්‍රහය දැක්වීම හෝ පැවැත්වීම සම්බාධක පැනවීමට හේතු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

Share This