යුද ගැටුම් මැද කැනේඩියානු අගමැති කියෙව්හි සංචාරයක

යුද ගැටුම් මැද කැනේඩියානු අගමැති කියෙව්හි සංචාරයක

කැනේඩියානු අග්‍රමාත්‍ය ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) අද (10) යුක්‍රේනයේ කියෙව්හි (Kyiv) සංචාරයකට එක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ කැනේඩියානු අග්‍රමාත්‍යවරයා මෙලෙස සංචාරයක එක්ව ඇත්තේ යුක්‍රේන හමුදා දකුණු ඉදිරි පෙරමුණේ රුසියාවට එරෙහිව දරුණු සටන්වල ​​නියැලෙමින් සිටින අවස්ථාවක බවයි

එහිදී කැනඩාවේ පුහුණුව ලැබූ යුක්‍රේන සොල්දාදුවන් පිරිසක් එහිදී කැනේඩියානු අග්‍රමාත්‍ය ජස්ටින් ටෘඩෝ සමග සුහද කතාබහකට ද එක්ව තිබුණා.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky හමුවීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ

Share This