ඉන්දීය ජනපතිනියගේ පළමු නිල  සංචාරය

ඉන්දීය ජනපතිනියගේ පළමු නිල සංචාරය

ඉන්දියාව සහ සුරිනාම් රාජ්‍යය අතර අවබෝධතා ගිවිසුම් හතරකට අත්සන් තැබුණා.

ඒ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු ගේ සුරිනාම් නිල සංචාරයට සමගාමීවයි.

සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවලට අදාළව එන අවබෝධතා ගිවිසුම් අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු සහ සුරිනාම් ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් සන්තෝකි ද එම අවස්ථාව සඳහා එක්වුණා.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම් අත්සන් තබා ඇති බව ද සඳහන්.

ඉන්දීය ජනාධිපතිවරිය ලෙස පත්වීමෙන් අනතුරුව ද්‍රෞපදි මුර්මු විසින් සිදු කළ පළමු රාජ්‍ය සංචාරය මෙයයි.

Share This