පිලිපීනයේ ගිනි කන්දක් සක්‍රීය වීමෙන් 12,800 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

පිලිපීනයේ ගිනි කන්දක් සක්‍රීය වීමෙන් 12,800 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

පිලිපීනයේ මධ්‍යම ඇල්බේ පළාතේ (central province of Albay) මයොන් (Mayon) ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ ඉන් අළු සහ පාෂාණ විසිරෙමින් පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ජනතාව ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව ගිනි කන්ද අවට ජීවත් වූ 12,800 කට වැඩි පිරිසක් ආපදා මධ්‍යස්ථානයකට යොමු කර ඇති බවයි

එමෙන්ම ගිනි කන්ද සක්‍රීය වීමත් සමග මිනිස් ශරීරයට අහිතකර සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සහ තවත් විෂ වායු පරිසරයට නිකුත් වෙමින් පවතින බව ද එරට බලධාරීන් සඳහන් කළා

Share This