සර්බියාව ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නව ගමනාන්තයක්

සර්බියාව ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නව ගමනාන්තයක්

ඉන්දියාව සහ සර්බියාව සෑම විටම එකිනෙකාගේ මූලික අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කල බව ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු පවසනවා.

ඇය ඒ බව සඳහන් කළේ සිය සර්බියානු සංචාරය අතරතුරයි.

එම සංචාරයට සමගාමීව ඉන්දීය ජනපතිනිය සර්බියාවේ ඉන්දිය ඩයස්පෝරාවේ සාමාජිකයින් ද හමුවී තිබෙනවා.

එම අවස්ථාව සංවිධාන කර ඇත්තේ සර්බියාවේ ඉන්දීය තානාපති සංජිව් කෝලි විසින්.

එමෙන්ම සර්බියාව තුළ ඉන්දීය චිත්‍රපට ප්‍රසිද්ධියට පත්ව තිබීම සම්බන්ධයෙන් ද ජනාධිපති ද්‍රෞපදි මුර්මු එහිදී සිය සතුට පල කර තිබෙනවා.

සර්බියාව යනු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයින්ගේ නව ගමනාන්තයක් බවයි ඇය පවසා ඇත්තේ.

එමෙන්ම යෝග ඇතුළු ඉන්දියාවේ අධ්‍යාත්මික උරුමයන් කෙරෙහි සර්බියාව තුළ නැඹුරුවක් පවතින බවත් සිය සංචාරය අතරතුර හඳුනාගත් බව ද ඉන්දීය ජනාධිපතිවරිය එහිදී සඳහන් කළා.

ඉන්දියාවේ සාම්ප්‍රදායික ඔසු සඳහා ද සර්බියාව තුළ ඇති පිළිගැනීම සඳහා ද ඇයගේ අවධානය යොමුව තිබුණා.

Share This