පළමු රුසියානු බොරතෙල් තොගය පාකිස්ථානයට

පළමු රුසියානු බොරතෙල් තොගය පාකිස්ථානයට

රුසියානු බොරතෙල් මෙට්‍රික්ටොන් 45,000ක් රැගත් පළමු නෞකාව පාකිස්ථානයේ කරච්චි වරායට ළඟාවී තිබෙනවා.

පාකිස්ථානයේ පවතින උග්‍ර ණය අර්බුදය සහ දේශීය මුදල් හිඟය හමුවේ එරට ඉන්ධන මිල ස්ථාවර කිරීම සඳහා ලාභදායී වට්ටමකට රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීමට තීරණය කර තිබුණා.

ඒ අනුව මෙම බොරතෙල් තොගය ලැබී ඇති අතර ඉහළ යන උද්ධමනය හමුවේ ජනතාවට සහන මිලට ඉන්ධන ලබාදීමට මේ හරහා අවස්ථාව හිමිවන බවයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif ප්‍රකාශ කර ඇත්තේ.

පාකිස්ථානය වෙත රුසියානු බොරතෙල් ප්‍රවාහනය කරන පළමු අවස්ථාව මෙය වන බව සඳහන්.

Share This