බස් රථයක් පෙරළීමෙන් ඕස්ට්‍රේලියාවේ 10ක් මරුට

බස් රථයක් පෙරළීමෙන් ඕස්ට්‍රේලියාවේ 10ක් මරුට

ඕස්ට්‍රේලියාවේ බස් රථයක් පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 10දෙනෙක් මියගොස් ඇති අතර පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

බස් රථයේ සිටි රියදුරා මීදුම සහිත තත්ත්වයක් තුළ අධික වේගයෙන් බස් රථය ධාවනය කළ බවට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම බස් රථය ඉරිදා මංගල උත්සවයකට සහභාගී වූ මගීන් රැගෙන යමින් සිටියදී නිව් සවුත් වේල්ස් හි ග්‍රේටා නගරය අසල වටරවුමේදී පෙරළී තිබෙනවා.

මෙම අනතුර මෑතකදී ඕස්ට්‍රේලියාවේ සිදු වූ මාරාන්තික මාර්ග අනතුරුවලින් එකක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

58 හැවිරිදි බස් රථ රියැදුරාව අනතුරුදායක ලෙස රිය පැදවීම සහ නොසැලකිලිමත්කම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානය තවමත් සක්‍රීය අපරාධ ස්ථානයක් බව නිව් සවුත් වේල්ස් හි පොලිසිය සඳහන් කරනවා.

අනතුර සිදු වූ හන්ටර් නිම්නය මිදි වතු සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇති අතර එය වයින් ලෝලීන් සහ කණ්ඩායම් විනෝද චාරිකා හෝ සැමරුම් සඳහා ජනප්‍රිය ස්ථානයක් වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This