දින 4ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් වාර්තාවක්

දින 4ක් නොනවත්වා ආහාර පිසීමෙන් ගිනස් වාර්තාවක්

නයිජීරියානු සූපවේදියෙකු පැය 93 යි විනාඩි 11ක් නොනවත්වා ආහාර පිසීමෙන් පසු දීර්ඝතම තනි ඉවුම් පිහුම් සැසිය සඳහා ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

26 හැවිරිදි Hilda Baci, ගිනස් වාර්තාව තැබීම සඳහා දින හතරක් හිටගෙන සිටීමට පසුගිය මාසය පුරාවට පුහුණුවීම් කර තිබෙනවා.

ගිනස් වාර්තාව තැබීමෙන් පසු මාධ්‍ය අමතමින් Hilda Baci කියා සිටියේ ඇයට නයිජීරියානු ආහාර වට්ටෝරු ලොව පුරා ප්‍රචාරණය කිරීමට අවශ්‍ය බවයි.

බොහෝ නයිජීරියානුවන් අධික උද්ධමනය, ඉන්ධන හිඟය සහ වෙනත් ආර්ථික අරගල සමඟ පොරබදමින් සිටින අවස්ථාවක Hilda Baci තැබූ වාර්තාවට ඇගේ මව් රට වන නයිජීරියාවේ අවධානයට ලක් වී තිබෙනවා.

2019 වසරේ ඉන්දීය සූපවේදියෙකු විසින් තැබූ පැය 87යි මිනිත්තු 45ක වාර්තාව බිඳ දමමින් Hilda Baci දැන් දීර්ඝතම ඉවුම් පිහුම් ගිනස් වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This