චීන – දකුණු අප්‍රිකා ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන – දකුණු අප්‍රිකා ජනපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන ජනාධිපති Xi Jinping සහ දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa අතර දුරකථන සංවාදයක් සිදුව තිබෙනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල් විශාල සංඛ්‍යාවක පොදු අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ චීන-දකුණු අප්‍රිකා සබඳතාවල පවතින උපායමාර්ගික වැදගත්කම සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

එම දුරකථන සංවාදයේ දී අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa ප්‍රකාශ කර ඇත්තේ දකුණු අප්‍රිකාව, චීනය සමග පවතින ශක්තිමත් සහ ඉහළ මට්ටමේ උපායමාර්ගික හවුල්කාරිත්වය ඉතා ඉහළින් අගය කරන බවයි.

එමෙන්ම යුක්‍රේන අර්බුදය සම්බන්ධයෙන් ද දෙරටේ ජනාධිපතිවරුන් අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

යුක්‍රේන අර්බුදයේ දේශපාලන විසඳුම පිළිබඳ චීනයේ ස්ථාවරයට දකුණු අප්‍රිකාව සහාය දෙන බවත්, අදාළ සියලු පාර්ශවයන් හැකි ඉක්මනින් සාකච්ඡා නැවත ආරම්භ කරනු ඇති බවට බලාපොරොත්තු වන බවත් Cyril Ramaphosa එහිදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ දුරකථන සංවාදයේ දී අදහස් දක්වමින් චීන ජනාධිපති Xi Jinping ප්‍රකාශ කර ඇත්තේ අප්‍රිකානු රටවල නායකයින්ගෙන් සැදුම්ලත් සාම දූත පිරිසක් රුසියාවේ සහ යුක්‍රේනයේ සංචාරය කිරීම යහපත් තත්ත්වයක් වන බවයි.

ලෝකයේ සාමයට ආදරය කරන සහ යුක්තිය ඉටු කරන සියලුම රටවල් සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සඳහා දරණ ප්‍රයත්නයන් අගය කරන බව ද චීන ජනාධිපතිවරයා, දකුණු අපිරිකානු ජනාධිපතිවරයා සමග පැවති දුරකථන සංවාදයේ දී සඳහන් කර තිබෙනවා.

Share This