මියගිය බවට අනුමාන කළ කතක් මිනී පෙට්ටියේ පණ පිටින් (PHOTOS)

මියගිය බවට අනුමාන කළ කතක් මිනී පෙට්ටියේ පණ පිටින් (PHOTOS)

ඉක්වදෝරයේ – බබාහොයෝ රෝහලකදී මියගිය බවට අනුමාන කළ 76 හැවිරිදි කාන්තාවක් මිනී පෙට්ටියේ සිටියදී පණ ඇති බවට සොයාගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කාන්තාවගේ පුත් ගිල්බර්ටෝ බාබරා සඳහන් කළේ මිනී පෙට්ටියෙන් ඇසුණු ශබ්දයකින් අනතුරුව මව ජිවත් වන බව දැනගත් බවයි.

ඔවුන් ඒ මොහොතේම එම කාන්තාව රෝහල වෙත රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉක්වදෝරයේ මහජන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය පරීක්ෂණයක් දැන් ක්‍රියාත්මක වනවා.

කාන්තාව පසුගිය සිකුරාදා රෝහලට ඇතුළත් කර ඇත්තේ ආඝාතය සහ හෘද පෙනහළු අඩපණ වීම හේතුවෙන් බවත්, ඇය ප්‍රතිචාර නොදැක්වූ පසු, රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයකු කාන්තාව මිය ගිය බව ප්‍රකාශ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා තත්ත්ව සහතික කිරීමේ නියෝජිතායතනය සමග එක්වී මරණය පිළිබඳ චෝදනා සහ වගකීම් තහවුරු කිරීම සඳහා වෛද්‍ය විගණනයක් ආරම්භ කිරීමට කමිටුවක් පිහිටුවා ඇති බවයි එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This