ඊශ්‍රායලයෙන් සිරියාවට යළි ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලයෙන් සිරියාවට යළි ගුවන් ප්‍රහාර

ඊශ්‍රායලය විසින් සිරියාවේ ඩැමස්කස් නගරය ආසන්නයට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

සිරියාවේ හමුදා ස්ථාන ඉලක්ක කර ගනිමින් එම ප්‍රහාර එල්ල වී ඇති අතර සෙබළුන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගිය අප්‍රේල් මාසය දක්වා වූ වසරක කාලය තුළ අවස්ථා කිහිපයකදීම ඊශ්‍රායලය විසින් සිරියාව වෙත ප්‍රහාර එල්ල කල අතර මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

Share This