සංගීත ප්‍රකාශකයින් 17ක් Twitter සමාගමට එරෙහිව නඩු පවරයි

සංගීත ප්‍රකාශකයින් 17ක් Twitter සමාගමට එරෙහිව නඩු පවරයි

එක්සත් ජනපදයේ Nashville සහ Tennesseeහි සංගීත ප්‍රකාශකයින් 17 දෙනෙකු ට්විටර් සමාගමට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්විටර් යෙදුම තුළ බලපත්‍රයක් නොමැතිව සංගීතය පළ කිරීමට පරිශීලකයින්ට ඉඩ දීමෙන් එම සමාගම්වල ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.

Sony Music Publishing, BMG Rights Management සහ Universal Music Publishing Group ඇතුළු ජාතික සංගීත ප්‍රකාශකයන්ගේ සංගමයේ සාමාජිකයින්, ප්‍රකාශන හිමිකම් 1,700කට ආසන්න ප්‍රමාණයක් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඩොලර් මිලියන 250කට වැඩි වන්දියක්ද ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එලොන් මස්ක් ඔක්තෝම්බර් මාසයේදී ට්විටර් මිලදී ගැනීමෙන් පසු ප්‍රකාශන අයිතීන් උල්ලංඝනය වීම වඩාත් නරක අතට හැරී ඇති අතර, TikTok, Facebook සහ YouTube වැනි අනෙකුත් සමාජ මාධ්‍ය තුළ සංගීතයට නිසි අයිතිය ලබා දෙන බවයි එම නඩුවේදී ට්විටර් සමාගමට චෝදනා එල්ල වී ඇත්තේ.

Share This