පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක්

පිලිපීනයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 6.2ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට බලධාරීන් විසින් දැනුම් දී ඇත්තේ තවදුරටත් පසු කම්පන ද ඇති විය හැකි බවයි.

කෙසේවෙතත් භූ කම්පනය හේතුවෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.

භූ කම්පනය විනාඩියක පමණ කාලයක් තිබී ඇති අතර සිදුව ඇති හානි සම්බන්ධයෙන් තක්සේරු කිරීම් සිදු කරමින් පවතින බවයි පිලිපීන බලධාරීන් සඳහන් කර ඇත්තේ.

Share This