පැය 127ක් නර්තනයේ නිරත වෙමින් තැබූ ගිනස් වාර්තාව

පැය 127ක් නර්තනයේ නිරත වෙමින් තැබූ ගිනස් වාර්තාව

දීර්ඝතම නර්තන මැරතන් ගිනස් වාර්තාව තැබීමට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තරුණියක් සමත් වී තිබෙනවා.

Srushti Sudhir Jagtap නමැති 16 හැවිරිදි වියේ පසුවන එම තරුණිය පැය 127ක කාලයක් අඛණ්ඩව නර්තනයේ යෙදෙමින් එම ලෝක වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී පිළිගත් නර්තන වින්‍යාසයක් නියමිත ප්‍රමිතියකට අනුව ඉදිරිපත් කිරීම සිදු කළ යුතු අතර පාද සෑම අවස්ථාවකම සංගීතයට චලනය විය යුතු බව අදාළ ගිනස් වාර්තාව තැබීමට සුදුසුකම් වනවා.

Srushti Sudhir Jagtap “කතක්” නර්තන වින්‍යාසය තබමින් ගිනස් වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය මාස 15ක කාලයක් ගිනස් වාර්තාව තැබීම සඳහා පුහුණුවීම්වල නිරත වී ඇති බව සඳහන්.

මීට පෙර පැය 126ක කාලයක් නර්තනයේ නිරත වූ නේපාල ජාතික නර්තන ශිල්පී Bandana Nepal දීර්ඝතම නර්තන මැරතන් වාර්තාව සඳහා වන ගිනස් වාර්තාව තබා තිබුණා.

Share This