කැනඩාවේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් 15 දෙනෙකු මරුට

කැනඩාවේ අධිවේගී මාර්ගයක සිදු වූ අනතුරකින් 15 දෙනෙකු මරුට

කැනඩාවේ – මැතිබෝටාහි ට්‍රක් රථයක් බස් රථයක ගැටීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.

බස් රථය අධිවේගී මාර්ගයේ සිට දකුණු දෙසට ගමන් කර ඇති අතර ට්‍රක් රථය අධිවේගී මාර්ගයේ සිට නැගෙනහිර දෙසට ගමන් කරමින් තිබියදී එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මියගිය 15 දෙනාට අමතරව තවත් 10 දෙනෙකු රෝහල් ගත කර ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.

තුවාල ලැබූවන් අතර ට්‍රක් රථයේ සහ බස් රථයේ රියදුරන් ද සිටිනවා.

RCMP සහකාර කොමසාරිස් Rob Hill පවසන පරිදි බස් රථයේ සිටි බහුතරයක් Dauphin නගරයේ සහ ඒ අවට ජීවත් වූ වැඩිහිටි පුද්ගලයන් වනවා.

එරට පාර්ලිමේන්තුව තුළ කොඩිය අඩකුඹු කරමින් මෙම අනතුරට ශෝකය පළ කළ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This