සැත්කම සිදු කිරීමෙන් පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි

සැත්කම සිදු කිරීමෙන් පසු පාප් වහන්සේ රෝහලෙන් පිටව යයි

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ උදරයේ ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව අද (16) රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ උන්වහන්සේ සිනාමුසුව රෝද පුටුවකින් රෝමයේ ගෙමෙල්ලි රෝහලෙන් පිටව ගියේ එළිමහනේ සිටි සුභ පතන්නන් පිරිසට ස්තුති කරමින් බවයි

86 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2021 වසරේ සිට රෝහලේ රැඳී සිටි තුන්වන අවස්ථාව මෙය වනවා.

රෝහල්ගතව සිටින කාලය තුළ උන්වහන්සේ ළමා ස්නායු ශල්‍ය අංශයේ ප්‍රතිකාර ලබන දරුවන් බැලීමට ගිය අතර ඔවුන්ගෙන් ඇතැම් පිරිස් පාප්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ලිපි සහ චිත්‍ර එවා ඇති බවයි වතිකානුව පැවසුවේ

එමෙන්ම අගෝස්තු මාසයේ පෘතුගාලයට සහ මොංගෝලියාවේ සංචාරයන් සමඟ උන්වහන්සේගේ න්‍යාය පත්‍රය ඉදිරි මාස කිහිපය තුළ කාර්යබහුල බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Share This