පුටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති හමුවෙයි

පුටින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති හමුවෙයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද (16) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල්-නහ්යන් ශාන්ත පීටර්ස්බර්ග්හිදී හමු වී තිබෙනවා.

එහිදී රුසියාව සහ යුක්‍රේනය අතර මෙන්ම රුසියාව සහ එක්සත් ජනපදය අතර සිරකරුවන් හුවමාරු කර ගැනීමේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉටු කර ඇති කාර්යභාරය වෙනුවෙන් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ස්තූතිය පළ කළා

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ රුසියාවේ පවතින සබඳතා ද ව්ලැඩිමීර් පුටින් පැසසුමට ලක් කර ඇති බව සඳහන්

ඒ අනුව ඔපෙක් තෙල් සන්ධානයේ සාමාජිකයින් ලෙස රුසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමීපව සහයෝගයෙන් කටයුතු කරනවා

මීට අමතරව දෙරට අතර තවදුරටත් සහයෝගය වැඩි කර ගැනීම කෙරෙහි ද මෙම හමුවේදී දැඩි අවදානයක් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ

Share This