ඉන්දීය අගමැති ඊජිප්තුවේ සංචාරයකට සැරසෙයි

ඉන්දීය අගමැති ඊජිප්තුවේ සංචාරයකට සැරසෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඊජිප්තු සංචාරයක් පිළිබඳ ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තා පැවසුවේ අමෙරිකානු රාජ්‍ය සංචාරය අවසන් කර ඉන්දීය අග්‍රාමාත්‍ය ඊජිප්තුවට පැමිණෙනු ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සංචාරයක් සඳහා ඊජිප්තුවට පැමිණෙන පළමු අවස්ථාව එය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊජිප්තුවේ සංචාරය කරන්නේ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසිගේ ආරාධනයකට අනුවයි.

ඉන්දියාවේ ජනරජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊජිප්තු ජනාධිපතිවරයා සහභාගී වූ අතර එහිදී සිදු කෙරුණු ආරාධනය අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම ඊජිප්තු සංචාරය සිදු කෙරෙනු ඇති.

ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 24 වනදා දෙදින සංචාරයක් සඳහා ඊජිප්තුවට පැමිණීමට නියමිතයි.

එහිදී ඔහු ඊජිප්තු ජනාධිපතිවරයා සහ එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිපදෙනෙකු සමග සාකච්ඡා සඳහා එක්වනු ඇති

Share This