බර කිලෝ 100ක් අඩු කිරිමට ගොස් මියගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනිය

බර කිලෝ 100ක් අඩු කිරිමට ගොස් මියගිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනිය

බර අඩු කිරීම සඳහා පැවති කඳවුරකදී කිලෝග්‍රෑම් 100 ක් අඩු කර ගැනීමට උත්සාහ කිරීමෙන් පසු චීනයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක් මියගොස් තිබෙනවා.

21 හැවිරිදි Cuihua නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියගේ මරණයෙන් පසු බර අඩු කිරීමේ කඳවුරුවල ඇති අවදානම් තත්ත්වය පිළිබඳව එරට මාධ්‍යවලින් මේ දිනවල දැඩි ලෙස අනතුරු අඟවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Cuihua ඇයගේ ශරීරයේ බර අඩුවීමේ ප්‍රගතිය සමාජ මාධ්‍යවල සටහන් කර ඇති අතර අනුගාමිකයන්ව සෞඛ්‍ය සම්පන්නව සිටීමට දිරිමත් කිරීමේ අරමුණින් එය සිදු කළ බව සඳහන්.

ඇය දැඩි පුහුණු අභ්‍යාසවල යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් පසුගියදා පළ කර තිබූ අතර ඇයගේ බර කිලෝග්‍රෑම් 156ක් (රාත්තල් 344ක්) බවත් කිලෝග්‍රෑම් 100ක් අඩුකර ගැනීමට උත්සාහ කරන බවත් ඇය සමාජ මාධ්‍යවල සටහන් කර තිබෙනවා.

Cuihua ඇයගේ ඉලක්කය කරා ළඟා වීමට උත්සාහ කිරීමේදී විවිධ නගරවල බර අඩු කර ගැනීමේ කඳවුරු කිහිපයකට සම්බන්ධ වී ඇති අතර මාස දෙකට පෙර කිලෝග්‍රෑම් 27 කට වඩා අඩු වී තිබුණු බව චයිනා නැෂනල් රේඩියෝව(CNR) වාර්තා කරනවා.

CNR පැවසුවේ Cuihua ඇගේ මරණයට දින දෙකකට පෙර Shaanxi පළාතේදී අවසන් කඳවුරට සහභාගී වූ බවයි.

කෙසේ වෙතත් එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ බර අඩු කරගැනීම ඉක්මන් කරගැනීමේ අරමුණින් දැඩි ලෙස මහන්සි වීමට සිදුවන Cardio ව්‍යායාම සෑම ශරීරයකටම ඔරොත්තු නොදෙන බවයි.

Share This