ග්‍රීසියේ බෝට්ටු අනතුරින් පාකිස්ථානුවන් 300කට වැඩි පිරිසක් මරුට

ග්‍රීසියේ බෝට්ටු අනතුරින් පාකිස්ථානුවන් 300කට වැඩි පිරිසක් මරුට

දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුවූ සංක්‍රමණික යාත්‍රා අනතුරෙන් පාකිස්ථානුවන් 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පාකිස්ථාන සෙනෙට් සභාවේ සභාපති මුහම්මද් සාදික් සංජ්‍රානි 300කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරමින් මියගිය අයගේ ශෝකයට පත් පවුල්වලට සංවේගය පළ කර තිබෙනවා.

පාකිස්ථානයේ සිදුවූ මරණ සංඛ්‍යාව පිළිබඳව ග්‍රීක බලධාරීන් තවමත් තහවුරු කර නොමැති බවයි පැවසෙන්නේ

මියගිය අය වෙනුවෙන් අද (19) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට අගමැති ෂෙබාස් ෂරීෆ් නියෝග කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

බෝට්ටුව පෙරළෙන අවස්ථාවේදී පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 750 ක් පමණ එහි සිටි බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සිය (IOM) මීට පෙර සඳහන් කළා

මේ අතර දකුණු ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පෙරළී ගිය යාත්‍රාවේ සුන්බුන් පිළිබඳ ග්‍රීක වෙරළාරක්ෂක බලකායේ වාර්තාව පිළිබඳව ගැටළු ඇති බවට විශ්වාසය පළ කරන බව බිබිසී පුවත් සේවය වාර්තා කරනවා

ප්‍රදේශයේ අනෙකුත් යාත්‍රාවල ගමනාගමනය විශ්ලේෂණය කිරීමෙන් පසු මෙම ධීවර යාත්‍රාව පෙරළීමට පෙර අවම වශයෙන් පැය හතක්වත් චලනය නොවී තිබු බවයි ඔවුන් සඳහන් කරන්නේ

කෙසේවෙතත් වෙරළාරක්ෂක බළකාය තවමත් කියා සිටින්නේ මෙම පැය කිහිපය තුළ බෝට්ටුව ඉතාලිය බලා ගමන් කරමින් තිබූ බවත් මුදාගැනීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවත්ය

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ 500 ක් පමණ තවමත් අතුරුදන් වී ඇති බවයි.

Share This