ඉන්දියාව සහ එක්සත් අරාබි එමීරය වෙළඳ ගනුදෙනු පුළුල් කරයි

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීරය වෙළඳ ගනුදෙනු පුළුල් කරයි

දෙරට අතර පවතින වෙළඳ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය එකඟතාවකට එළඹ තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙරට අතර ඛණිජ තෙල් නොවන නිෂ්පාදන වෙළඳාම ඉහළ නංවනු ඇති.

ඒ යටතේ දැනට පවතින අමෙරිකානු ඩොලර් බිලියන 48 ක් වන ඛනිජ තෙල් නොවන නිෂ්පාදන වෙළඳාම 2030 වන විට අමෙරිකානු ඩොලර් බිලියන 100 ක් දක්වා ඉහළ නැංවීම ඉන්දියාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අරමුණයි.

එය දෙරට අතර පවතින ඛනිජ තෙල් නොවන නිෂ්පාදන වෙළඳාම දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යාමක් වනු ඇති.

මේ සම්බන්ධයෙන්වන එකඟතා පළ වී ඇත්තේ ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජිතයන් අතර පැවැති සහයෝගිතා හමුවකදීයි.

ද්විපාර්ශවික වෙළඳාමේදී බාධාවක් විය හැකි ඕනෑම ගැටලුවක් විසඳීමට ද දෙරටෙහි නියෝජිතයන් එහිදී එකඟතාව පළ කර තිබෙනවා.

Share This