සංචාරක සබ්මැරීනයේ සිටි අය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන අයුරු

සංචාරක සබ්මැරීනයේ සිටි අය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන අයුරු

ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ ගමන් කළ අය පිළිබඳව මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

සබ්මැරීනයේ සිටි බවට විශ්වාස කරන එක් අයෙක් වන්නේ බ්‍රිතාන්‍ය ව්‍යාපාරික හා ගවේෂක හමිෂ් හාඩින් ය

එමෙන්ම ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා සංචාරය සංවිධානය කළ OceanGate Expeditions හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ Stockton Rush යානයේ සිටි බවටද වාර්තා පළ වී තිබෙනවා

73 හැවිරිදි ප්‍රංශ ජාතික Paul-Henry Nargeolet නැමැත්තාද සබ්මැරීනයේ සිටි බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අතුරුදන් වූ සංචාරක සබ්මැරීනයේ පාකිස්ථාන ජාතිකයින් දෙදෙනෙකු වන ෂෙසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් ද පස් දෙනෙකුගෙන් යුත් මෙම යානයේ සිට ඇති බව පවුලේ අය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ

දිගින් දිගටම සෝදිසි කිරීම් සිදුවන අතර මෙහෙයුම් සිදුකිරීම අපහසු තත්ත්වයක පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This