උෂ්ණත්වය ඉහළ යාමෙන් උතුරු ඉන්දියාවේ 68ක් මරුට

උෂ්ණත්වය ඉහළ යාමෙන් උතුරු ඉන්දියාවේ 68ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යාමත් සමග බලියා දිස්ත්‍රික්කයේ අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකුගේ මරණ වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ පිළිබඳව බලධාරීන් විමර්ශන ආරම්භ කර ඇති බවද සඳහන්

මෙම මරණ වර්තා වී ඇත්තේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුවිය හැකි උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධ අනතුරු ඇඟවීමකින් පසුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

මේ සතියේ උතුරු සහ නැගෙනහිර ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 දක්වා ඉහළ ගොස් ඇති බව AFP පුවත් සේවය වාර්තා කර තිබෙනවා

මරණ වලක්වා ගැනීම සඳහා රජය ප්‍රමාණවත් ලෙස කටයුතු කර නොමැති බවට ජනතාව චෝදනා කර ඇති අතර, ජූනි 16 වන දින පුද්ගලයින් 25 දෙනෙක් මිය යාමට ඉහළ ගිය උෂ්ණත්වය හේතුවක් විය හැකි බවයි බලධාරීන් සඳහන් කර ඇත්තේ

Share This