පලස්තීන තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු ඝාතනය කෙරේ

පලස්තීන තුවක්කුකරුවන් විසින් ඊශ්‍රායල ජාතිකයින් සිව් දෙනෙකු ඝාතනය කෙරේ

බටහිර ඉවුරේ ජනාවාසයක් අසලදී පලස්තීන තුවක්කුකරුවන් විසින් කළ වෙඩි තැබීමකදී ඊශ්‍රායල ජාතිකයන් හතර දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම පලස්තීන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් නගරයෙන් පිටතදී අවන්හලකට සහ ඉන්ධන පිරවුම්හලකට වෙඩි තැබීමෙන් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

ප්‍රහාරකයන් හමාස් සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදීන් බව ඊශ්‍රායල හමුදාව පවසනවා

හමාස් සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙන්නේ ජෙනින් හි ඊශ්‍රායල හමුදා ප්‍රහාරයකින් පලස්තීනුවන් 6 දෙනෙකු මියයාමට ප්‍රතිචාරයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි

Share This