අතුරුදන්වූ සබ්මැරීනය ආසන්නයෙන් ලැබුණු ඉඟිය

අතුරුදන්වූ සබ්මැරීනය ආසන්නයෙන් ලැබුණු ඉඟිය

ටයිටැනික් නැවේ සුන්බුන් නැරඹීම සඳහා පිටත්ව ගිය සංචාරක සබ්මැරීනය අතුරුදන්වීමෙන් පසු එය සොයමින් සිටි ගලවාගැනීම්කරුවන්ට යාත්‍රාව අතුරුදන් වූ ස්ථානයට ආසන්න ප්‍රදේශයෙන් “ශබ්ද” ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය සඳහන් කරන්නේ කැනේඩියානු P-3 ගුවන් යානයකට මෙලෙස මෙම ශබ්දය ඇසී ඇති බවයි

එක්සත් ජනපද නාවික හමුදාවේ විශේෂඥයින් එය විශ්ලේෂණය කරමින් පවතින අතර මූලාශ්‍රය ගවේෂණය කිරීම සඳහා දිය යට මෙහෙයුම් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Share This