සමාව ඉල්ලමින් සියදිවි හානි කරගත් කොරියානු ගායකයා

සමාව ඉල්ලමින් සියදිවි හානි කරගත් කොරියානු ගායකයා

ජනප්‍රිය කොරියානු පොප් ගායක Choi Sung Bong සියදිවි හානි කරගෙන තිබෙනවා.

සිය නිවසේ තුළ දී ඔහු සියදිවි හානි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

33 හැවිරිදි වියේ පසු වූ ඔහු තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට ව්‍යාජ රඟපෑමක් සිදුකර පසුගියදා ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවට අනාවරණය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් සියදිවි හානිකරගැනීමට පෙර Choi Sung Bong සමාව ඇයද සිටින බවට වූ සටහනක් Youtube වෙත එක්කර තිබූ බව සඳහන්.

එහිදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන් වෙත ලැබුණු පරිත්‍යාග ආපසු ලබා දීමට ද කටයුතු කරන බවයි.

2011 වසරේදී Korea’s Got Talent ගායන තරගාවලිය හරහා ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිස තිබුණා.

Share This