යුක්‍රේනයේ වේල්ල විනාශ වීමෙන් 700,000කට වැඩි පිරිසකට පානීය ජල සැපයුමට බාධා

යුක්‍රේනයේ වේල්ල විනාශ වීමෙන් 700,000කට වැඩි පිරිසකට පානීය ජල සැපයුමට බාධා

දකුණු යුක්‍රේනයේ Kakhovka වේල්ල විනාශ වීමෙන් පසු යුරෝපයේ විශාලතම ජලාශවලින් එකක් වන Kakhovka ඇළ සිඳී යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ 700,000 කට වැඩි පිරිසකට පානීය ජල සැපයුමට මෙයින් බලපෑම් එල්ල විය හැකි බවයි

රුසියානුවන් විසින් අත්පත් කරගෙන සිටින ප්‍රදේශවල පානීය ජල සැපයුමටත් බාධා එල්ලවිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඇළ මාර්ගවලින් ජලය අහිමි වීම කලාපයේ ආහාර නිෂ්පාදනය සඳහා බලපෑම් ඇති කළ හැකි බවද සඳහන්

Kakhovka වේල්ල විනාශ වීමෙන් පසු ගංවතුර තත්ත්වයක් ඇති වූ අතර එයින් කලාපය පුරා ජනාවාස සහ ගොවිබිම් විනාශ කරනු ලැබුවා

Share This