මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක්

මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක්

පැය කිහිපයක් තුළදී මියන්මාරය ආශ්‍රිතව භූ කම්පන 3ක් වාර්තා වී තිබෙනවා.

එරට Yangon ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ ඒකක 4.5ක භූ කම්පනයක් සිදුව ඇති අතර ඊට විනාඩි කිහිපයකට පසුව ඒකක 4.2ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් ද එම ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවන භූ කම්පනය හට ගැනීමෙන් පැය 3කට පසුව රිච්ටර් මාපකයේ ඒකක 4.1ක ප්‍රබලත්වයකින් යුත් තවත් භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම කම්පන තත්ත්වයන් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This