තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට පියවර ගන්නවා – ඉන්දීය අගමැති

තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට පියවර ගන්නවා – ඉන්දීය අගමැති

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිව්යෝර්ක් සිට වොෂින්ටනයට ළඟාවීමෙන් පසු ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් සමග වර්ජිනියාවේ ජාතික විද්‍යා පදනම වෙත ගිය බව විදෙස් මාධ්‍ය පවසනවා.

තරුණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීම සඳහා තම රජය පියවර ගෙන ඇති බවත් ඒ වෙනුවෙන් කටයුතු කිරීම තම රජයේ ඉලක්කය බවත් අගමැති නරේන්ද්‍ර මෝදි එහිදී පවසා තිබෙනවා

එමෙන්ම “තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීම සඳහා Start Up India ආරම්භ කර ඇති බවත් අපගේ ඉලක්කය මේ දශකය තාක්ෂණික දශකයක් බවට පත් කිරීම” බවත් අගමැති මෝදි එහිදී පැවසු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

අගමැති මෝදිගේ සංචාරය ලොව පැරණිතම සහ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටවල් එකට එක් කරන බව ජිල් බයිඩන් මෙහිදී සඳහන් කර තිබෙනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබෙන්නේ “අපි ගෝලීය අභියෝගවලට ඒකාබද්ධව මුහුණ දෙන විට එක්සත් ජනපද-ඉන්දියා හවුල්කාරිත්වය ගැඹුරු සහ පුළුල් වනු ,” ඇති බවයි

Share This