සුඩානයේ තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීම් සහ කොල්ලකෑම් අඛණ්ඩව

සුඩානයේ තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීම් සහ කොල්ලකෑම් අඛණ්ඩව

සුඩානයේ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින්ට සහ තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීම් සිදුවන අතර සහ කොල්ලකෑම්ද අඛණ්ඩව සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම ප්‍රහාරවලට ලක්වූ නවතම විදේශ රාජ්‍යවන්නේ ඇල්ජීරියාවයි.

කාර්ටූම් අගනුවර පිහිටි සිය තානාපතිවරයාගේ නිවස කොල්ලකෑමට ලක් වූ බව ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා

මෙම ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බවත්, වගකිවයුත්තන්ට නඩු පවරන ලෙස සුඩාන බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

මෙම ප්‍රහාර එල්ල කළ දිනයේම සිම්බාබ්වේ තානාපති කාර්යාලයට සහ කාර්ටූම් අගනුවර සිටින එහි තානාපතිවරයාගේ නිවසටද ප්‍රහාර එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

සුඩාන හමුදාව විසින් රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එල්ල වන මෙම ප්‍රහාරයන් පිළිබඳව සටන්වදින ප්‍රතිවාදී කණ්ඩායම්වලට චෝදනා එල්ල කර තිබෙනවා

Share This