බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාටත් නඩු -බලය අයුතු ලෙස භාවිත කිරීම ගැන චෝදනා

බ්‍රසීලයේ හිටපු ජනාධිපතිවරයාටත් නඩු -බලය අයුතු ලෙස භාවිත කිරීම ගැන චෝදනා

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහි නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර බ්‍රසීලයේ මැතිවරණ ක්‍රමය පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ ඔහුගේ බලය අයුතු ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා

එය සාපරාධී නඩුවක් නොවූවත්, ජෙයාර් බොල්සොනාරෝට වසර අටකට නිලවරණයට ඉදිරිපත් වීම තහනම් කිරීමට විනිසුරුවරුන්ට බලය ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥවරයා මේ වන විටත් පවසා ඇත්තේ තීන්දුව තමන්ට එරෙහිව ගියහොත් අභියාචනා කිරීමට තම සේවාදායකයා සැලසුම් කර ඇති බවයි.

Share This