ග්‍රීසියේ බෝට්ටු ඛේදවාචකයෙන් පාකිස්ථානුවන් 209ක් මියගොස් ඇති බවට අනාවරණයක්

ග්‍රීසියේ බෝට්ටු ඛේදවාචකයෙන් පාකිස්ථානුවන් 209ක් මියගොස් ඇති බවට අනාවරණයක්

ග්‍රීසියට ඔබ්බෙන් වූ මුහුදේ බෝට්ටු අනතුර සිදු වන අවස්ථාවේ පාකිස්ථානු වින්දිතයන් 209 ක් සිටි බවට එරට විමර්ශන ඒජන්සිය විසින් අද (22) ප්‍රකාශ කර තිබෙනවා.

එම ඒජන්සිය විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 209 දෙනෙකු පකිස්ථානයෙන් පැමිණි බවටයි අනාවරණය වී ඇත්තේ.

එම වාර්තා අනුව අතුරුදහන් වූවන් හඳුනා ගැනීම සඳහා ග්‍රීසියට උදව් කිරීම වෙනුවෙන් පවුල් 201කගේ ඩී.එන්.ඒ සාම්පල නිලධාරීන් විසින් රැස් කර ඇති බව ද සඳහන්

කෙසේ වෙතත් එම ඒජන්සිය විසින් ඔවුන් මිය ගිය පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත්තේ කුමන පදනමක් මතද යන්න පැහැදිලි කරන නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Share This