තල්මසෙකු ගැටී පෙරළුණු යාත්‍රාවේ සිටි 8 දෙනෙකු බේරා ගැනේ

තල්මසෙකු ගැටී පෙරළුණු යාත්‍රාවේ සිටි 8 දෙනෙකු බේරා ගැනේ

පැසිෆික් සාගරයේදී තල්මසෙකු ගැටීමෙන් පෙරළී ගිය රුවල් යාත්‍රාවේ සිටි ඩෙන්මාර්ක් ජාතිකයන් 08 දෙනා බේරාගෙන තිබෙනවා.

රුවල් යාත්‍රාව පෙරළී ගිය පසු කාර්ය මණ්ඩලය සැටලයිට් දුරකථනයක් හරහා හවායි හි හොනොලුලු හි ඒකාබද්ධ ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමෙන් පසු ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුව ඔවුන් ධීවර යාත්‍රාවකින් සොයා ගෙන ඇති අතර ටහිටි බලා යන බහාලුම් නෞකාවකට මාරු කර යවා ඇති බවයි ඩෙන්මාර්ක සන්නද්ධ හමුදාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This