බීජිං හි වාර්තාගත උෂ්ණත්වයක්

බීජිං හි වාර්තාගත උෂ්ණත්වයක්

බීජිං හි උෂ්ණත්වය ඊයේ (22) දිනයේ සෙල්සියස් අංශක 41 ට වඩා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම උණුසුම් තත්ත්වයන් සති අන්තය දක්වා පවතින බවට එරට බලධාරීන් විශ්වාසය පළ කර තිබෙනවා

බීජිං කාලගුණ විද්‍යා නිරීක්ෂණාගාරය උණුසුම් කාලගුණ රතු අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර එළිමහනේ වැඩ කිරීමෙන් වැළකී සිටින ලෙසත් ළමයින්ට සහ වැඩිහිටියන්ට පූර්වාරක්ෂාව පිණිස පියවර ගන්නා ලෙසත් උපදෙස් ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

Tianjin, Hebei සහ Shandong යන ඊසානදිග පළාත්වලටද රතු අනතුරු ඇඟවීමේ නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This