අවුන්සාන් සුකීව නිදහස් කරන්නැයි ඇගේ පුතා හමුදාවෙන් ඉල්ලයි

අවුන්සාන් සුකීව නිදහස් කරන්නැයි ඇගේ පුතා හමුදාවෙන් ඉල්ලයි

මියන්මාරයෙන් නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුකීගේ බාල පුතා වන Kim Aris ඇයව සිරෙන් නිදහස් කරන ලෙස හමුදාවෙන් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

Kim Aris “මගේ මවට සිරගතව සිටීමට මට ඉඩ දිය නොහැක” යනුවෙන් ලන්ඩනයේ පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇති අතර අවුන්සාන් සුකීව නිදහස් කර ගැනීම සඳහා තවත් බොහෝ දේ කරන ලෙසද ඉල්ලා තිබෙනවා .

2021 වසරේ දී කුමන්ත්‍රණයකින් ඇගේ රජය පෙරළා දැමීමෙන් පසු පැවති නඩු විභාගයකින් පසු අවුන්සාන් සුකීට වසර 33 ක සිර දඬුවමක් නියම වුණා

බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන Kim Aris පවසන්නේ හමුදාව තම මව ගැන හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කිසිදු තොරතුරක් තමන්ට ලබා දී නොමැති බවයි.

වැඩිදුරටත් ඔහු පවසන්නේ බුරුම තානාපති කාර්යාලය, බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් ඔවුන්ගෙන් කිසිවෙකුට මේ සඳහා උදව් කිරීමට නොහැකි වූ බවයි.

Share This