”වැග්නර්” ආරම්භ කළ කැරැල්ල පාවාදීමක් – පුටින් කියයි

”වැග්නර්” ආරම්භ කළ කැරැල්ල පාවාදීමක් – පුටින් කියයි

වැග්නර් කුලී හේවා කණ්ඩායම ආරම්භ කළ සන්නද්ධ කැරැල්ල පාවාදීමක් බව රුසියානු ජනාධිපති Vladimir Putin පවසනවා.

මේ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව “තීරණාත්මක ක්‍රියාමාර්ගයක්” ගන්නා බවයි ජාතිය අමතනින් රුසියානු ජනාධිපති පුටින් පොරොන්දු වී ඇත්තේ.

මොස්කව් සහ ඒ අවට ප්‍රදේශයේ බලධාරීන් පවසන්නේ රොස්තොව්හි හමුදා ස්ථාන තම හමුදාව විසින් පාලනය කරන බව වැග්නර් ප්‍රධානි Yevgeny Prigozhin ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන් “ත්‍රස්ත විරෝධී” හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

රුසියාවේ FSB ආරක්ෂක සේවය මගින් සන්නද්ධ කැරැල්ලක් ආරම්භ කිරීම නිසා Yevgeny Prigozhinට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඇති බව රුසියාවේ TASS ප්‍රවෘත්ති කාර්යාලය සඳහන් කරනවා.

යුක්රේනයේ වැග්නර්ගේ ක්ෂේත්‍ර කඳවුරුවලට රොකට් ප්‍රහාරයක් එල්ල කරමින් ඔවුන්ගේ හමුදාවේ විශාල සංඛ්‍යාවක් මර දැමූ බවට Yevgeny Prigozhin මීට පෙර රුසියාවේ ඉහළ හමුදා නායකත්වයට චෝදනා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This