ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවති විරෝධතාවලට අදාළව නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් ඉවතට

ඉම්රාන් ඛාන් වෙනුවෙන් පැවති විරෝධතාවලට අදාළව නිලධාරීන් තිදෙනෙකු සේවයෙන් ඉවතට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පසුගිය මැයි මාසයේ පැවති විරෝධතා අතරතුර වූ කළහකාරී හැසිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු එරට හමුදාව විසින් සේවයෙන් නෙරපා හැර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා .

එම නිලධාරීන්ගේ නම් සඳහන් කර නොමැති බවත්, ඔවුන්ට හමුදා දේපළ ආරක්ෂා කිරීමට නොහැකිවූ බවත් පවසමින් මොවුන් නෙරපා හැරි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රටපුරා නොසන්සුන්තා ඇතිවූ අතර ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක් රට පුරා හමුදා ගොඩනැගිලි කඩා දමා, හමුදා ජෙනරාල්වරයෙකුගේ නිවස ඇතුළුව ගිනි තැබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවා

එම විරෝධතාවලදී අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

සිදුවීමට අදාළව 5,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත් නමුත් බොහෝ දෙනෙක් පසුව නිදහස් කරනු ලැබුවා

Share This