හමුවූ සැක සහිත සිරුරු කොටස් බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට තහවුරු වෙයි

හමුවූ සැක සහිත සිරුරු කොටස් බ්‍රිතාන්‍ය නළු ජූලියන් සෑන්ඩ්ස්ගේ බවට තහවුරු වෙයි

කැලිෆෝනියාවේ කඳුකර ප්‍රදේශයෙන් හමුවූ සැක සහිත මිනිස් සිරුරු කොටස් පසුගිය ජනවාරි මාසයේ කඳු නැගීමකදී අතුරුදන් වූ බ්‍රිතාන්‍ය නළු ජූලියන් සැන්ඩ්ස්ගේ ඒවා බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය සෙනසුරාදා දිනයේදී කඳු නගින්නන් විසින් සිරුරු කොටස් කිහිපයක් සොයා ගත් බව එරට පොලිසිය සඳහන් කළ අතර මේ වනවිට ඔවුන් පරීක්ෂණ මගින් එම කොටස් බ්‍රිතාන්‍ය නළු ජූලියන්ගේ බවට තහවුරු කරගෙන තිබෙනවා

65 හැවිරිදි ජූලියන් සෑන්ඩ්ස් වඩාත් ප්‍රසිද්ධ වූයේ ඔස්කාර් සම්මාන දිනූ A Room With A View චිත්‍රපටයේ ඔහු ලබාදුන් රංගන දායකත්වය වෙනුවෙනුයි

සැන් ගේබ්‍රියෙල් කඳුකරයේ Baldy Bowl ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණය හේතුවෙන් ජනවාරි 13 වන දින කඳු නගිමින් සිටියදී ඔහු අතුරුදන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

මරණය සිදු වූ ආකාරය පිළිබඳව තවමත් විමර්ශනය වෙමින් පවතින අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This