යුක්‍රේනයට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

යුක්‍රේනයට එල්ලවූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට

නැගෙනහිර යුක්‍රේනයේ Kramatorsk නගර මධ්‍යයට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරයෙන් මියගිය ගණන තවත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු මේ වන විට මිය ගොස් ඇති බවටයි එරට බලධාරීන් තහවුරු කරන්නේ

සුන්බුන් අතරින් ගොඩගත් සිරුරු අතර දරුවන් දෙදෙනකු සිටින බවත් එක් අයෙකුගේ වයස අවුරුදු 15ක් වන අතර අනෙකාගේ වයස අවුරුදු 12ක් බවයි පැවසෙන්නේ

මිසයිල ප්‍රහාර එල්ලවූ ප්‍රදේශයේ තට්ටු නිවාසද කඩා වැටී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය පවසනවා .

අවම වශයෙන් තවත් 56 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ

අවන්හලකට සහ සාප්පු සංකීර්ණ සහිත ප්‍රදේශයකට එල්ලවූ මෙම ප්‍රහාරයෙන් දැඩි හානි සිදුව ඇති අතර ආරක්ෂක අංශ එම ස්ථානයේ හදිසි සේවාවලට සහය වෙමින් විපතට පත් වූවන් ඉවත් කිරීමට කටයුතු කරන බවද සඳහන්

Share This