එක්සත් ජනපදයෙන් එරට ජනතාවට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපදයෙන් එරට ජනතාවට සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා සහ ටෙක්සාස් ප්‍රාන්තවල මැලේරියා රෝගීන් කිහිපදෙනෙක් හඳුනාගෙන ඇති බැවින් එරට සෞඛ්‍ය අංශ විසින් ජනතාවට අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා

වසර 20 කට පසු එක්සත් ජනපදය තුළ මදුරුවන්ගෙන් සම්ප්‍රේෂණය වන මැලේරියා රෝගය වාර්තා වී ඇති බවයි පැවසෙන්නේ

තවත් රෝගීන් හඳුනාගැනීම සඳහා සක්‍රීය නිරීක්ෂණ කණ්ඩායම් ඒ පිළිබඳව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එරට රෝග පාලන මධ්‍යස්ථාන සඳහන් කරනවා

එක්සත් ජනපදයේ මැලේරියාව වැළඳීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බවත් රෝගීන් පස් දෙනෙක් පමණ වාර්තා වී ඇති බවත් රෝග පාලන මධ්‍යස්ථානය පවසනවා

මැලේරියාව ආසාදිත පුද්ගලයින්ට උණ, දහඩිය සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති විය හැකි අතර ,ආසාදිත පුද්ගලයින් ඉක්මනින් ප්‍රතිකාර ලබා ගත යුතු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This