දකුණු කොරියානුවන්ගේ වයස අඩු වෙයි

දකුණු කොරියානුවන්ගේ වයස අඩු වෙයි

දකුණු කොරියාවේ උපත ලබන පුද්ගලයෙකුගේ වයස ගණනය කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමවේද දෙක ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව ඔවුන්ට ජාත්‍යන්තරව සිදු කරනු ලබන උපන්දිනය ගණනය කිරීමේ සාමාන්‍ය ක්‍රමවේදය මත පදනම්ව වයස ගණනය කිරීමේ ක්‍රමයට අද (28) දිනයේ සිට සිය වයස ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනවා.

දකුණු කොරියාවේ වයස ගණනය කිරීමේ එක් ක්‍රමවේදයකට අනුව කුසේ සිටින කාලය ගණනය කරන අතර ඒ අනුව උපතේදී වසරක් වයසැති ලෙසයි සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව වයස ගණනය කර ඇත්තේ.

අනෙක් ක්‍රමයට අනුව දකුණු කොරියානුවන් සෑම වසරකම ජනවාරි පළමු වන දිනකම අවුරුද්දකින් වයස්ගත ලෙස ගණනය කරනු ලබන බව සඳහන්.

කෙසේ වෙතත් සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව දකුණු කොරියානුවන්ගේ වයස නියමිත උපන් දිනයේ සිට වසර එකක් හෝ දෙකක් වැඩි වනවා.

Share This